Thursday, May 22, 2014

ඉතිහාසය (History)

ඉතිහාසය (History)
ශීතකරණය හදුන්වාදීමට ප්‍රථම මිනිසා විසින් තම ආහාර පාන කල්තබා ගැනීම පිනිස එක් එක් ක්‍රමයන් භාවිතා කරන ලද අතර ඉක්මනින් වීනාශයට පත්වීමට ඉඩ ඇති මස් මාලු වර්ග මෙන්ම පළතුරැ ළුළවළු ආදි ද්‍රව්‍යයන් නැවත පරිභෝජනයට ගැනිම සදහා මෙම ක්‍රමයන් භාවිතා කරන ලදී.
එම ක්‍රමයන් වර්ථමානයේ දියුනුවට පත් ජාතින් මෙන්ම නොදියුනු ජාතීන් විසින්ද ඈත අතීතයේදී අනුගමනය කරනා ලදී.විශේෂයෙන් අයිස් සහ හිම එකතු කොට හෝ මිලදි ගෙන ඒ තුල රදවා තබා ආරක්ෂා කරගැනීමෙන් පසුව ආහාර පාන සදහා යොදා ගන්නා ලදි.මෙම ක්‍රමය වර්ථමානයේදී පවා දක්නට ලැබෙනු ඇත.
එසේ හිම සහ අයිස් බහුලව ඇති රාජයයන් තුල ස්භාවික පරිසරයේ ඇති හිම සහ අයිස් කදු අතර පිලිවෙලකට සාදාගන්නා ලද වලවල් තුල මෙන්ම ලී කැබලි , කොට කැබලි වැනි ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් පිළිවෙලකට සාදාගන්නා ලද ස්ථානයන්හි ආහාර ගබඩාකර කල්පවත්නා පරිදි සුරක්ෂිත කොට තබාගන්නා ලද අතර එම කුමය අනුගමනය කිරිම ශිතකරණ ක්‍රීයාවලියේ මූලික ඉතිහාසය වේ.

ගෘහ ශීතකරණය(Home Refregirator)


                                                               
 වර්ථමානයේ භාවිතය සදහා ගන්නා ශීතකරණ යන්ත්‍රයන්






ගෘහ ශීතකරණය(Home Refregirator)                                             
 තවත් විස්තර>>>

ශීතකරණ යන්ත්‍රය(Refrigerator)

ශීතකරණ යන්ත්‍රය(Refrigerator)
පදාර්ථයක තාපය ඉවත් කර එය සිසිල් කිරිම ශිතකරණය යනුවෙන් කෙටිනේ හැදින් විය හැක.මෙහිදී හුදෙක්  සිසිල් කිරිම පමණක් කරනු ලබන අතර බොහෝ විට ආහාර කල් තබා ගැනීම සදහා ශීතකරණ පද්ධති භාවිතා කරනු ලබයි.ඊට අමතරව කර්මාන්ත ශාලාවන්හි අවශ්‍යතාවයන් සදහා මෙන්ම වානිජමය අවශ්‍යතාවයන් සදහාත් භාවිතා කිරිම සිදු කරයි.




ශීතකරණයක ඇතුලත පිහිටීම(Refrigerator diagram)

වායුසමීකරණ යන්ත්‍රය(Air Condition)


වායුසමීකරණ යන්ත්‍රය(Air Condition)
 පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ධතාවය,පිරිසිදුතාවය යන භෙතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමිකරණ යන්ත්‍ර Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අවශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමීකරණ පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි.









ජනේල වර්ගයේ ශීතකරණ(Window Air Conditioner)










ජනේල වර්ගයේ ශීතකරණ(Window Air Conditioner) පුහුණුවීම්







ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර පාඩම් මාලාව (Module)

ශීතකරණ පාඩම් මාලාව (Module)

  උපකරණ  (Equipment   )
ශීතකරණයක හෝ ඔනෑම උපකරනයක් ක්‍රියාත්මක විම පිණිස ඒම උපකරණය සදහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද උපකරණ කොටස් කිහිපයකගේ එකමුතුවකින් අවසි කාර්යය සාර්ථක ප්‍රතිළුලයක් ලබාගත හැකි බව අප දනිමු.ඒ හා ශිතකරණ හා වායු සමීකරණයේද] ඒවාටම ආවේනික ප්‍රධාන උපකරණ කිහිපයක් ඇත.
සනීකාරකය(Condenser)









වාෂ්පීකරණය (Evaporator)










 සම්පිඩකය.(Compressor )












කේෂීය නලය (Cappilary Tube )










 ශීතකරණ ක්‍රීයාවලියේ මුලික නියමයන් 
#   සෑම විටම තාපය වැඩි තැන සිට අඩු තැන දක්වා ගමන් කරයි
# පරිමාව වැඩිවන විටදී පීඩනය අඩුවේ.
# පිඩනය වැඩිවන විටදී උෂ්ණත්වයද වැඩිවේ.
# පීඩනය අඩුවන විටදී තාපාංක උෂ්ණත්වය (boiling point) පහළ බසී
# ද්‍රවයක් වාෂ්ප වීමේදී යම්කිසි තාප ප්‍රමාණයක් ලබා ගනිද ඒ හා සමාන තාප ප්‍රමාණයක් එම වායුව ද්‍රව බවට පත්වීමේදී පරිසරයට මුදාහරී.
# තාපය යනු ශක්ති ප්‍රභ්දයකි. එය විනාශ කළ නොහැක. යම් ස්ථානයකින් තවත් ස්ථානයකට යොමු කිරිම සිදු කළ හැක

ඝනීභවකය(Condenser)

ඝනීභවකය(Condenser)
ඝනීභවකය(Condenser)හි ප්‍රධාන කාර්යය වන්නේ ශිතකරක ද්‍රව වායුව බවට පත් කිරිමයි. සම්පීඩකයයෙන්(Compressor) ඝනීභවකය(Condenser)තුලට ඇතුල් වන ශීතකාරක වායුවේ තාපය පිටකිරිම මගින් එම වායුව ද්‍රව බවට පත් වෙමින් expansion value යට  ගමන් කිරිම සිදු කරයි.ඝනීභවකය(Condenser)තුලදී සිදුවන අවශ්ථා විපර්යාසය වන්නේ ඝනභවනයයි.(). මෙහිදී තාපය සහ ගුප්ත තාපය යන තාප වර්ග දෙකම පිට කරන අතර ඒවා එවපොරේටරයෙන්(Evaporator) අවශෝෂණය කරගත් තාපයත් සම්පීඩකයයෙන්(Compressor) ජනිත වු තාපයත් වේ.

වාෂ්පීකරණය (Evaporator)

 වාෂ්පීකරණය (Evaporator)
ශීතකරණ පද්ධතියක තාපය අවශෝෂණය කරගැනීම සදහා හිටුවා ඇත්තේ ළුවපොරේටරයයි.(Evaporator(වාෂ්පීකරණය).මෙහි තාපය අවශෝෂණය කරගැනීම සිදු කරනු ලබන්නේ ශීතකාරක ද්රව්ය වායු බවට පත්වෙමින් එනම් වාෂ්පී කරණය සිදුවෙමිනි. මෙහි අවපීඩනයක් තබා ගැනීමෙන් අඩු තාපාංක උෂ්ණත්වයකදී වාෂ්පීකරණය සිදු කිරිමට හැකිවේ.එමගින් ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)} යෙහි උෂෟණත්වය නිතරම පහළ මට්ටමක පවත්වා ගැනිමට හැකිවේ.ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}නිර්මාණය කර ඇත්තේද ඒවා තුල අවපීඩනයක් ඇතිවන පරිදි එහි ටියුබ් ( Tube ) වල විෂ්කම්බය පද්ධතියේ අනෙක් කොටස්වල ටියුබ් ( Tube ) වල විෂ්කම්භයට වඩා වැඩි ආකාරයටය.



සම්පිඩකය.(Compressor )

 සම්පිඩකය.(Compressor )
ශිතකරණයක හදවත ලෙස සැලකිය හැක්කේ සම්පීඩකය(Compressor ) වේ. සැම විටම ළුවපොරේටර {(Evaporator)(වාෂ්පීකරණය)}යෙන් ශීතකාරක වායුව උරා ගනිමින් එහි අවපීඩනයක් ඇති කරන අතර උරාගත් ශීතකාරක වායුව Condensor එකට යැවිමෙන්  condensor ය තුල අධී පීඩනයක් ගොඩනගයි. එම අධි පීඩනය මගින් ශීතකාරක වායුවේ අංශුන් ලංවන අතර ද්‍රව බවට පත්විම පහසු කරයි. පද්ධතිය පුරා ශීතකාරක ගමන් කරනු ලබන්නේද (Compressor) කම්ප්‍රෙසරයේ ඉහත කී කාර්යයන් මගිනි.<br />
එක් එක් වර්ගයේ සම්පිඩකය.(Compressor )

කේෂීය නලය (Cappilary Tube )

කේෂීය නලය (Cappilary Tube )
කේෂීය නලය (Cappilary Tube ) පද්ධතියක දෙපස පීඩනය Low side හා high side වශයෙන් පීඩන අන්තරයක් පවත්වා ගැනීම සිදුකරනු ලබන්නේ  Expansion Device(ප්‍රසාරන උපකරණය) මගිනි.ඊට අමතරව පාලනයකින් යුක්තව ද්‍රව ශීතකාරක Evaporator ය තුලට සැපයීමද සිදු කරනු ලබන්නේ  Expansion Device(ප්‍රසාරන උපකරණ)එක මගිනි.

ශීතකාරක(Refrigerants)



ශීතකාරක(Refrigerants)
 ශීතකාරක යනු පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරිමේදී තාප විපර්යාසය (මුදා හැරිම හෝ අවශෝෂණය) සදහා යොදා ගන්නා පදාර්ථ මාධ්‍යයකි.ශිතකරණ ශීතකාරක හදුනාගත් මුල් අවධියේ සිට ශීත කාරක සදහා ස්භාවික පරිසරයේ පවතින වායු වර්ගයන් සහ ජලය යොදා ගන්නා ලද බව සදහන්ය. උදාහරණ වශයෙන් ,-
 ජලය/ඔක්සිජන්/කාබන් ඩයොක්සයිඩ්/ආගන්
ශීතකරණ තාක්ෂනයේ දියුණුවත් සමගම මෙවැනි ශිත කාරක වෙනුවට දියුණු ශීත කාරක වර්ගයන් හදුනාගනු ලැබීය.මේවා වර්ථමාන ශීත කාරක ක්‍රමයන් වලදි භාවිතයට ගැනැන. බොහෝවිට ශීතකාරකයේ භෙෘතික ලක්ෂණ වන පදනම්ව ශීතකාරක හදුනාගෙන තිබේ.
  1. ඇමෝනියා ශීතකාරකය වන අවශෝෂණ ක්‍රමය.
  2. සංයෝග (පියොන්) ශිතකාරක ලෙස භාවිතා වන සම්පිඩන ශීතකාරක ක්‍රමය.

ශීතකරණයේ ක්‍රියාකරිත්වය

ශීතකරණයේ ක්‍රියාකරිත්වය


ශීතකරණයක ක්‍රීයාකාරිත්වය

THE VA POUR COMPRESSION REFRIGEATION CYCLE වර්ථමානයේ ගෘහ ශිතකරණයන් සදහා විශාල වශයෙන් භාවතය සදහා ගනු ලබන අතර  එය ආරක්ෂාකාරිය.






වායු සමීකරණ පාඩම් මාලාව (Module)



ශිතකරණයට ඇතිවිය හැකි ආභාධ

ශිතකරණයට ඇතිවියහැකි ආභාධයන්

ශිතකරණ අළුත්වැඩියාවට අවැසි උපකරණ

ශිතකරණ අළුත්වැඩියාවට අවැසි උපකරණ


ශිතකරණ අළුත්වැඩියාව

  ශිතකරණ අළුත්වැඩියාව

හැදින්විම ගෘහ ශීතකරණය(Refregiration)

ගෘහ ශීතකරණය පාඩම් (Refregiration Module)
අ/අංකය
කාර්යය  අංකය
විස්තරය
වෙනත්
01
මොඩියුල් අංක 02
ශීතකරණ සහ වායුසමිකරණ ක්ෂේත්‍රයට අදාල පැස්සුම් කිරීම්
ස්පොට් වේල්ඩින් යන්ත්‍රයක් යොදාගෙන අඩු ඝණකම්න් යුක්ත ලෝහ තහඩු සම්භන්ධ කිරිම
01
මොඩියුල් අංක 05
ශීතකරණ සහ වායුසමිකරණ ක්ෂේත්‍රයට අදාල වෑද්දුම් කිරීම්
වායුසමීකරණ පාදකය පෑස්සුම් කිරිම(Tinkarin)
01
මොඩියුල් අංක 16
ශීතකරණ සහ වායුසමිකරණ ක්ෂේත්‍රයට අදාල විදුලි පරිපථය පිලිසකර කිරිම
පද්ධතියකවු එවපොරේටරයේ වු විදුලි පංකා මෝටරය ප්‍රතිස්ථාපනය කාරිම
01
මොඩියුල් අංක 17
ශීතකරණ සහ වායුසමිකරණ ක්ෂේත්‍රයට අදාල

01
මොඩියුල් අංක 14
ශීතකරණ සහ වායුසමිකරණ ක්ෂේත්‍රයට අදාල